Home Hit ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂිත වියදම කෝටි 400 සිට කෝටි 500 දක්වා ඉහළ යයි

ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂිත වියදම කෝටි 400 සිට කෝටි 500 දක්වා ඉහළ යයි

337

නාම යෝජනා ලබා දී ඇති ජනාධිපති අපේක්‍ෂකයන් ප‍්‍රවර්ධනය කරන බැනර්, පෝස්ටර් සහ කටවුට් ප‍්‍රදර්ශනය කරන පුද්ගලයන්ට එරෙහිව නාමයෝජනා භාර ගැනීමේ දිනයෙන් පසු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබද අදහස් පළ කරමින් මෙලෙස කියා සිටියා.

දේශපාලන පක්ෂ වලින් ප්‍රසිද්ධ ස්ථාන වල හා මංමාවත් වල මේ වන විට ප්‍රදර්ශනය කර ඇති බැනර්, පෝස්ටර් සහ කටවුට් සහ කොඩි ස්වේච්චාවෙන් ඉවත් කරවීමට මේ වන විට ඉල්ලා ඇති අතර ඒවා ඉවත් කර නොගතහොත් නාම යෝජනා ලබාදුන් දිනයෙන් පසු එය දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ප්‍රදර්ශනය කර ඇති බැනර්, පෝස්ටර් සහ කටවුට් සවි කල පුද්ගලයන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කරවන බවද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී ප්‍රකශ කළා.

ඊයේ දිනය අවසන් වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්‍ෂකයන් ගණන 33 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ හේතුවෙන් මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂිත වියදම කෝටි 400 සිට කෝටි 500 ක් දක්වා ඉහළ යා හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here