Home Hit මහේල සහ මාලිංග ලබන වසරේ එංගලන්තයට

මහේල සහ මාලිංග ලබන වසරේ එංගලන්තයට

290

ශී‍්‍ර ලංකාවේ සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ‍්‍රඞ්’ කි‍්‍රකට් තරගාවලිය සඳහා එක්වීමට නියමිත බව වාර්තා වනවා.

එය ලබන වසරේ ජූලි මාසයේ ආරම්භ වීමට නියමිත අතර මෙම පන්දු 100යේ තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් තරග වැදීමට නියමිතයි.

එංගලන්ත කි‍්‍රකට් ආයතනය මගින් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා මාලිංගට අමතරව ඔයින් මෝගන්, කේන් විලියම්සන්, කි‍්‍රස් ගේල්, ස්ටීව් ස්මිත්, ශකීබ් අල් හසන් සහ තවත් නම් දැරූ ජාත්‍යන්තර කී‍්‍රඩකයින් රැසක් සහභාගිවීමට නියමිතයි.

මේ අතර ‘ද හන්ඩ‍්‍රඞ්’ තරගාවලිය සඳහා පුහුණුකරුවෙකු ලෙස ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධනද කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු ‘ද හන්ඩ‍්‍රඞ්’ තරගාවලියේ කණ්ඩායමක් සඳහා පුහුණුකරුවෙකු ලෙස සේවය ලබාදීමට සූදානම් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here