Home Hit අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

557

රුපියල් එක් කෝටි හත් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග , ඒවා මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු 10/04 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

මොහු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිතර වානිජමය භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන 53 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

ඔහු 10/04 දින අලුයම 1.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මත්ද්‍රව්‍ය තොගයක පාර්සල් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලක වූ සාරි අතර අලවා ගෙන සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි . එහි කිලෝ ග්රැම් 01 යි ග්රැම් 70 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම මත්ද්‍රව්‍ය ව්‍යවහාරයේ අයිස් නමින් හැදින්වුවද , එහි රසායනික විද්‍යාත්මක නාමය මෙතැම්පටමයින්ය.

මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරීවරුන් වන සේනක ඇරැව්පොළ , කේ.ඩී.ආර්.පෙරේරා , සහකාර රේගු අධිකාරී කේ.පී.එස්.සමරසේකර යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජේ.සී.මුරගේ ,සහකාර රේගු අධිකාරීවරුන් වන එස්.පී.එම්.ආර්.සිල්වා , ඩබ්ලිව්.එන්.ඩී.සී.වේලාරත්න , කේ.පී.එස්.සමරසේකර සහ ඩී.එම්.බී.සී.දිසානායක යන මහත්වරුන් විසින් සිදු කරති .

කටුනායක ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here