Home Hit සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රාහාරයක් සැලසුම් වන බවට රාජ්‍ය බුද්ධි...

සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් ප්‍රාහාරයක් සැලසුම් වන බවට රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු

1327

ජීවිත සිය ගණනක් බිලිගත් අප්‍රේල් මස 21 වන දින සිදු කරන ලද ප්‍රාහාරයට සමාන ප්‍රාහාරයක් සිදු කිරීමට නැවත වතාවක් සැලසුමක් ඇති බවට සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන් තුල ලිපියක් හුවමාරු වන බව දන ගන්නට තිබේ.

කොටුව පොලිස් ස්ථානාධිපති වරයාගේ අත්සනින් යුතුව ඔක්තෝබර් මස 02වන දින නිකුත් කරන ලද එම ලිපියේ සඳහන් කරුණු නිවැරදි බව රාජ්‍ය බුද්ධි අංශයෙන් සනාථ කල බවට පොලිස් මුඋලස්ථානය ප්‍රකාශ කර සිටිනවා. මෙම ලිපිය සමාජ මාධ්‍ය ජාල වල වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟම විශේෂ පොලිස් පරීක්ෂක කණ්ඩායමක් මේ වන විට මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අරඹා තිබෙනවා.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි තොරතුරක් වන මෙම ලිපිය සමාජ මාධ්‍ය ජාලයන්ට නිකුත් කල නිලධාරීන් පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here