Home Hit ”ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරයි” – දයාසිරි ජයසේකර

”ලාංඡනය පිළිබඳ සාකච්ඡාව එකඟතාවකින් තොරයි” – දයාසිරි ජයසේකර

308

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේදී ජනාධිපතිවරණයට භාවිත කරන ලාංඡනය පිළිබඳ සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

ලාංඡනය වෙනස් කිරීම පිළිබඳව ඊයේ (03) රාත්‍රී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණු අතර, එය එකඟතාවකින් තොරව අවසන් වුවත්, පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳව යම් යම් එකඟතාවන්වලට පැමිණ තිබෙනවා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිර ජයසේකරගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ලාංඡනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡාවලදී නොහැකි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here