Home Local විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ක්‍රියාත්මක කිරීමට තිබූ විරෝධතාවය අත්හිටුවයි

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ක්‍රියාත්මක කිරීමට තිබූ විරෝධතාවය අත්හිටුවයි

405

රාජ්‍ය සේවයට සාපේක්ෂව විශ්වවිද්‍යාල සේවක වැටුප්වල පවතින විෂමතාවය ඉවත් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම් පියවර ගැනීම මත විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකමුතුව අද (03) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලිය තවකාලිකව අත්හිට වූ බව එම එකමුතුව පවසනවා.

එහෙත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වන අතර අදාළ විසඳුම ලබන සදුදා (07) වනවිට ලැබුණහොත් වර්ජනය අවසන් කරන බව එම එකමුතුවේ උප සභාපති ධම්මික එස්. ප්‍රියන්ත කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

එහිදී අදහස් දැක්වූ ඒ ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැටුප් විෂමතාවය පදනම් කරමින් දින 23ක් තිස්සේ සිදු කරමින් තිබෙන තම වෘත්තිය සමිති එකමුතුවේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමති රායුෆ් හකීම් විසින් සුබදායි විසඳුමක් පළකළ බවය.

ඇමතිවරයා වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වන කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇති අතර එය ජාතික වැටුප් කොමිසන් සභාව වෙත යොමුකර ඇති සඳහන්.

එම විසඳුම පිළිබඳව තම වෘත්තිය සමිති එකමුතුවට අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ බවද එම කරුණු වෘත්තිය සමිති එකමුතුව පිළිගත් බව ද සභාපතිවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව අද සිට වෘත්තිය සමිති ක්‍රියාත්මක කිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බව කී සභාපතිවරයා ලබන සදුදා පූර්ණ විසඳුමක් ලැබුණහොත් වැඩවර්ජනය ද අවසන් කරන බවයි කියා සිටියේ.

ආරියරත්න රණබාහු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here