Home Hit ලෝක උරුම ගාලු කොටුවේ කොටසක් ගිලා බසියි

ලෝක උරුම ගාලු කොටුවේ කොටසක් ගිලා බසියි

348

ඓතිහාසික ගාලු කොටු පවුරේ ස්ථාන 03ක්, ගිලා බැසීමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා.

ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට, ප්‍රදීපාගාරය අසළ සහ හමුදා කඳවුර අසළ කොටසක් මෙසේ ගිලා බැසීමට පටන් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී සුධර්මාලය විහාරස්ථානය ඉදිරිපිට ගාලු කොටු බැම්මේ අඩි 10ක පමණ විෂ්කම්බයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි 20කට වඩා අධික දෝනාවක් හෑරී තිබෙනවා.

සිද්ධිය වාර්තාවීමත් සමග ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වළක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ද සඳහන්.

ඒ හේතුවෙන් එම ස්ථාන වලට ගමන් කිරීමෙන් වළකින ලෙසයි මහජනතාවට දැනුම් දී ඇත්තේ.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here