Home Business යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් ඇරඹීමට සුදානම්

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් ඇරඹීමට සුදානම්

415

පලාලි ගුවන්තොටුපොළ “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ” ලෙස නම් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමත් සමඟම පලාලි ගුවන්තොටුපොළ “යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ” ලෙසට නම් කර තිබෙනවා.

මෙතෙක් ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජූලි මාසයේදීයි,. එම සංවර්ධන කටයුතු ඔක්තෝබර් දහවැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන අතර ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් මැද භාගයේදී සිදු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යන අතර ඒවානම් කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here