Home Hit මෙවර ඡන්ද ගණින තැනට CCTV කැමරා

මෙවර ඡන්ද ගණින තැනට CCTV කැමරා

328

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට දැඩි පොලිස් ආරක්‍ෂාව යෙදවීමටත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා.

ගණන් කරන මධ්‍යස්ථානවල සිදුවෙතැයි කියන වංචාවන් වැළැක්වීමටත් මැතිවරණ ප‍්‍රතිඵලවල විශ්වාසනීයත්වය තහවුරු කිරීමටත් මෙම පියවර ගන්නා බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමාගෙන ඡන්ද සංඛ්‍යාව වැඩිකර පෙන්වාදීම ඇතුළු මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට කිසිවකුට ඉඩ නොමැති බවත් ඔහු ප‍්‍රකාශ කළා.

මෙම මැතිවරණයේදී නීති උල්ලංඝනය කර හෝ ජයග‍්‍රහණය කිරීමට කිසියම් අපේක්‍ෂකයකු ආධාරකරුවන්, දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් උත්සාහ ගන්නේ නම් එම වංචා අල්ලා ගැනීම සඳහා ඡන්ද ගණන් ගන්නා මධ්‍යස්ථානවලට දැඩි පොලිස් රැකවරණය ද යෙදවීමට කටයුතු කරනු ඇති.

ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි රැගෙන එන වාහන වලට මෙන්ම සියලූම නගරවලට විශේෂිත රැකවරණයක් යොදවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එලෙස ආරක්‍ෂක වැඩපිළිවෙළවල් රැසක් කි‍්‍රයාත්මක කිරීම සඳහා කරුණු සාකච්ඡා කරගෙන යන බවයි සඳහන් වන්නේ.

නෝමන් පලිහවඩන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here