Home Hit තැපැල් කාර්යාල වල අන්තර්ජාල පද්ධතිය අක්‍රියව අදට දින 05යි

තැපැල් කාර්යාල වල අන්තර්ජාල පද්ධතිය අක්‍රියව අදට දින 05යි

232

දීප ව්‍යාප්ත තැපැල් කාර්යාවල අන්තර්ජාල පද්ධතිය අක්‍රියව පැවතීම නිසා දෛනික තැපැල් සේවා කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටිනවා.

තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3410ක සේවා කටයුතු මෙලෙස අඩපණ වී අදට දින 05ක් ගත වනවා.

ඉදිරි දින 02 තුළ මෙම අන්තර්ජාල පද්ධතිය යථා තත්ත්වයට පත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි එම පෙරමුණේ කැදවුම්කරු කේ.එම්. චින්තක බණ්ඩාර සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here