Home Hit විදුහල්පති – ගුරු සංගම් වර්ජනය අත්හිටුවයි

විදුහල්පති – ගුරු සංගම් වර්ජනය අත්හිටුවයි

549

ගුරු – විදුහල්පති සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ දින 05ක වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම සංගම් සඳහන් කරනවා.

ඒ අනුව මේ මස 07 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබූ එම වර්ජනය නොපැවැත්වෙන බවයි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ජෝසප් ස්ටාලින් සඳහන් කර සිටියා.

ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් විෂමතා විසඳීමට යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන තිබෙන බැවින් සහ ගුරු හා විදුහල්පති සේවයට සාධාරණ වැටුප් කාලයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙන හෙයින් වර්ජනය අත්හිටවූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here