Home Sports රග්බි ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟ 2ක් අද

රග්බි ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟ 2ක් අද

235

2019 රග්බි ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරඟ 2ක් අද ජපානයේදී පැවැත්වීමට නියමිතයි.

B කාණ්ඩය යටතේ නවසීලන්තය සමඟ කැනඩාවත්, C කාණ්ඩය යටතේ ප්‍රංශය හා ඇමරිකා එක්සත් ජනපදයත් අද තරඟ වැදීමට නියමිත කණ්ඩායම් වෙනවා.

ප්‍රංශය හා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩයම් දෙක මේ වන විට 2019 රග්බි ලෝක කුසලාන තරඟාවලියේ දී තරඟ 1 බැගින් ක්‍රීඩා කොට ඇති අතර ප්‍රංශ කණ්ඩායම තමන් මුහුණ දුන් තරඟය ජය ගත් අතර ඇමරිකා එක්සත් ජනපදය එංගලන්තය හමුවේ පරාජයට පත්ව තිබෙනවා.

නවසීලන්තය සමඟ කැනඩාවත් එක් තරඟය බැගින් ක්‍රීඩා කර ඇති අතර එම තරඟ ඔවුන් විසින් ජය ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here