Home Hit මැතිවරණ කොමිෂන් සභාව ජනපතිවරණයේ වැඩපිළිවෙල නියෝජිතයින්ට පහදයි

මැතිවරණ කොමිෂන් සභාව ජනපතිවරණයේ වැඩපිළිවෙල නියෝජිතයින්ට පහදයි

425

2019 ජනාධිපති මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද (02) මැතිවරණ කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ඇප තැන්පත් කරන ලද නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් කැඳවා තිබුණි.

මෙම සාකච්ඡාවේදී නාමයෝජනා භාර ගැනීමට අදාළ කටයුතු, රථවාහන සැලැස්ම, නාමයෝජනා ශාලාවටඇතුළුවන තැනැත්තන් පිලිබඳ තොරතුරු ඔවුන්ට පැහැදිලි කර ඇත.

ඡන්ද විමසීමේ දී ප්‍රචාරක කටයුතු සඳහා ඡන්ද කාර්යාල නීති රීති, විධිවිධාන පැහැදිලි කර තිබේ.

දැනට ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියලුම සිය දේ ස්වේච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියළුම දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටින ලද අතර 2019 ඔක්තොම්බර් 7 දින මධ්‍යම රාත්‍රී 12 ට පසු සියලු ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිසියට දන්වන ලදී.

සියලුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගේ ස්වකීය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට සියලුම දේශපාලන පක්ෂ හා නියෝජිතයින් එකඟ වීම ගැන මැතිවරණ කොමිෂන් සභාව සිය සතුට පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර, මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන්ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here