Home Local ”මම ඡන්දෙට ඉල්ලන්නේ නෑ” – මුත්තයියා මුරලිදරන්

”මම ඡන්දෙට ඉල්ලන්නේ නෑ” – මුත්තයියා මුරලිදරන්

455

මේ වන විට තමන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ලෝක පූජිත හිටපු ක්‍රිකට් මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මුරලිදරන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන බවට පළවන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳව කරන ලද විමසීමකට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් පවසන්නේ තමන් කිසිදු අවස්ථාවක දේශපාලනයට පිවිසෙන බවට ප්‍රකාශයක් කර නොමැති බවයි.

එමෙන්ම තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වනබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසනවා.

මේ අතර එවැනි අසත්‍ය වාර්තා තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුකර නොගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

හිරු නිව්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here