Home Local මෙරට විවාහ ආඥා පනත් 03ක් සංශෝධනයට රතන හිමියන්ගෙන් යෝජනාවක්

මෙරට විවාහ ආඥා පනත් 03ක් සංශෝධනයට රතන හිමියන්ගෙන් යෝජනාවක්

271

මෙරට පවතින විවාහ ආඥා පනත් 03 සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් 03ක් ඊයේ (30) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

මෙරට සාමාන්‍ය විවාහ ආඥා පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත හා උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සංශෝධනය කිරීම වෙනුවෙන් එම පනත් කෙටුම්පත් ඉදිරිපත් කර තිබෙනවා.

පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස සකස් කළ මෙය පිළිබඳ රතන හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ රාජගිරිය සදහම් ආශ්‍රමය විහාරයේදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරනු ලැබුවා.

මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු සිංහල තරුණියන් සහ මුස්ලිම් තරුණයන් විවාහ වීමෙන් පසු මතුව ඇති ගැටලුවලටත්, මුස්ලිම් යුවළක් දික්කසාද වීමේදී කාති උසාවියෙන් නියම කරන පරිදි දරුවන් පියා භාරයට පත්කිරීමෙන් මවට දරුවන් බැලීමට අවසර නොලැබීම වැනි අසාධාරණවලට ලක්වූවන්ට සාධාරණය ඉටුවන බවත් උන්වහන්සේ පැවසුවා.

මෙම පනත සම්මත වීමෙන් පසු කාති උසාවිය අහෝසි නොවන අතර, මුස්ලිම් කාන්තාවන්ට අවශ්‍ය නම් මෙරට පොදු නීතියේ පිහිට පැතීමට අවස්ථාව හිමිවන බවයි රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here