Home Hit විසඳුම් නෑ – දුම්රිය වර්ජනය තවදුරටත්

විසඳුම් නෑ – දුම්රිය වර්ජනය තවදුරටත්

233

දැනට ක්‍රියාත්මක වර්ජනවලට විසදුම් ලබාදීම සඳහා පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී පිළිගත හැකි විසදුමක් ලබානොදීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඊයේ දිනයේදී මෙම වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හමුවේ පෙනී සිටියේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී පිළිගත හැකි විසදුමක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් සඳහන් කළේ.

ඒ අනුව දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට අදට දින 06ක් ගතවනවා.

පසුගිය දින කිහිපය තුළ මෙන්ම ඊයේ දිනයේදී ද මෙම දුම්රිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන් දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, දැනට ක්‍රියාත්මක වර්ජන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here