Home Local මැතිවරණ සමයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට රැකියා ?

මැතිවරණ සමයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට රැකියා ?

219

දේශපාලන බලපෑම් මත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක සේවය සඳහා පත්වීම් කිහිපයක් ලබාදී ඇති බව රජයේ මුද්‍රණ සේවක සංගමය පවසනවා.

පත්වීම් 09ක් මෙලෙස ලබාදී ඇති අතර ඔවුන් සියලු දෙනාම ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රජයේ මුද්‍රණ සේවක සංගමයේ ලේකම් සරත් ලාල් පෙරේරා පැවසුවේ.

මැතිවරණ සමයක මෙලෙස දේශපාලන බලපෑම් මත පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන අතර මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේගෙන් සිදුකළ විමසීමකදී ඇය පැවසුවේ අදාල පත්වීම් සම්මුඛ පරීක්ෂණ කැඳවා නිසි ක්‍රමවේදයට අනුව ලබාදී ඇති බවයි.

උපුටා ගැනීම – දෙරණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here