Home Hit වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් වෙයි

වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් වෙයි

522

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.

අනුබුදු මිහිඳු මහරහතන් වහස්සේ පිරිනිවන් පා වදාළ වප් පුර අටවක පොහෝ දිනයක බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙසයි ”ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය” ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් නියමිතව ඇත්තේ.

මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ඇතුළු ‘අනුබුදු මාහිමි කෘතගුණ පූජා’ පුණ්‍යෝත්සවය ලබන 04, 05, 06 දිනයන්හිදී ඓතිහාසික මිහින්තලය රාජමහා විරස්ථානයේදී පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම ලබන 04 වනදා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිහිඳු මහ පෙරහර පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

වප් පුර අටවක පොහෝ දිනය හෙවත් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය යෙදෙන ලබන 05 වනදා මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහස්සේලා වන්දනාවක් පැවැත්වීමටත් ධර්මදේශනා වැඩසටහන් පැවැත්වීමටත් සංවිධානය කර ඇති අතර ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේලා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රදානත්වයෙන් ලබන 06 වනදා ‘මහ මිහිඳු කෘතගුණ පූජා’ ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here