Home Hit ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා අගරදගුරුතුමන්ගෙන් ජනපතිට ලිපියක්

ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා අගරදගුරුතුමන්ගෙන් ජනපතිට ලිපියක්

450

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ජනාධිපතිවරයාට ලිඛිතව කර ඇති දැනුම් දීමක් අනුව කතෝලික දේවස්ථාන සහ විහාරස්ථාන ඇතුළු දිවයිනේ සියලුම සිද්ධස්ථාන වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

මීට අමතරව ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථාන වල ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවා.

මේ බව අගරදගුරුතුමන් ජනාධිපතිවරයාට ලිපියක් මඟින් කරන ලද දැනුම් දීමක් අනුව ජනාධිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගේ විශේෂ අවධානයට යොමුකර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ පණිවිඩයක් යවමින් අන්තවාදී හා හිංසාකාරී ප්‍රහාරයක් නැවතත් එල්ලවීමේ තර්ජනයක් එල්ල විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කර ඇති බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ද මෙම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග වලින් සඳහන් වේ.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here