Home Local මිලියන 10ක අයිස් මත් පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

මිලියන 10ක අයිස් මත් පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට

289

රුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් ත්‍යාගයක් අඩංගු කර ඇති පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් එවා තිබියදී එය භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු ද සමග ඊයේ (30) දින දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී තිබෙනවා.

බෙල්ජියමේ සිට ඇදුම් තොගයක් අසුරා තිබූ පෙට්ටියක සගවා එවා ඇති මෙම මෙතැම්පටමයින් පෙති තොගයෙහි නිල් , තැඹ්ලි සහ අළු පැහැයෙන් යුතු මත්ද්‍රව්‍ය පෙති 1961ක් තිබූ බවයි වාර්තා වන්නේ.

කොළඹ , මෝදර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු මෙම ඇදුම් පෙට්ටිය භාර ගැනීමට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ඊයේ දහවල් 12.00ට පමණ පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here