Home World ඉන්දියාවේ බස් රථ අනතුරකින් 22ක් මරුට

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 22ක් මරුට

473

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේදී බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් විසි දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස 50 ඉක්මවන බවද එරට වාර්තාවල සඳහන්ය.

ගුජරාට ප්‍රාන්තයට අයත් බනාස්කාන්තා දිස්ත්‍රික්කයේ ත්‍රිශූලියා ගාත්හිදී බස් රථයක් පෙරලීමෙන් අනතුරක් සිදුව තිබේ.

එම අවස්ථාවේදී අනතුර සිදුවූ ප්‍රදේශයේ තද වැසි සහිත කාලගුණයක් පැවති බවයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහීගොස් අනතුර සිදුව ඇති බවත් සඳහන්ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 70ක් පමණ සිට ඇති බවයි බලධාරීන් පවසයි.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමටත් පියවර ගෙන තිබේ.

ඔවුන්ගෙන් වැඩි පිරිස අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි රෝහල් වාර්තා සඳහන් වෙයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් ශෝකය පල කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here