Home Hit විද්‍යාගේ ඝාතකයෙකු වෙනුවෙන් නැවතත් මරණ දඬුවම් නියම වෙයි

විද්‍යාගේ ඝාතකයෙකු වෙනුවෙන් නැවතත් මරණ දඬුවම් නියම වෙයි

470

යාපනය, පුංකුඩිතිව්, 09 වන පටුමඟ ප්‍රදේශයේදී විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීම වෙනුවෙන් මරණීය දණ්ඩනය හිමි වු පූබාලසිංහම් ජෙයකුමාර් නමැත්තා වෙත යාපනය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේම්ශංකර් විසින් නැවත වතාවක් අද (30) මරණීය දණ්ඩනය නියමකරනු ලැබුවා.

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදී 2010 මැයි මස 23 වනදා සෝමසුන්දර් සුබ්‍රමනියම් නමැති අයෙකු ඝාතනය කොට රුපියල් 10,000ක මුදලක් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක් යාපනය මහාධිකරණයේ කැඳවු අවස්ථා‍වේ අදාළ නඩු විභාගය වෙනුවෙන් තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා අදාළ තීන්දුව ප්‍රකාශ කළේ.

පුද්ගල ඝාතනය වෙනුවෙන් මරණීය දණ්ඩය හා පුද්ගලයා ඝාතනය කොට රුපියල් 10,000ක් සොරා ගැනීම වෙනුවෙන් වසර 10ක බරපතල වැඩ සහිත දඩුවමක් මෙන්ම අදාළ රුපියල් 10,000 ක මුදල වන්දි වශයෙන් නොගෙවන්නේ නම් තවත් මාස 10 ක සිර දඩුවමක්ද ලබාදෙන බවටද මහාධිකරණ විනිසුරුවරයා එහිදි නියෝග කරනු ලැබුවා.

යාපනය පුංකුඩිතිව් 09 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි පුබාලසිංහම් ජෙයකුමාර් හා ‍සේලවරාසා කිරුබාකරන් නමැති දෙදෙනා වෙනුවෙන් අදාළ දඩුවම ලබාදීම නියෝග කෙරුණේ.

විත්තිකාර පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිඥ මාදිනි විග්නේශ්වරන් මහත්මිය හා පළමුවන චුදිතයා වෙනුවෙන් නීතිඥ පි.අභිදන් හා දෙවන චුදිතයා වෙනුවෙන් නීතිඥ විශ්වලිංගම් ක්‍රිෂ්ණකුමාර් යන පිරිස පෙනී සිටියා.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදි 2015 මැයි මස 13 වන දින පාසල් ඇදුම්න් සැරසි පාසල් ගිය 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කොට කිරීමේ වරද වෙනුවෙන් අදාළ ඝාතන නඩුවේ චුදිතයෙකු ලෙස මීට පෙරද පූබාලසිංහම් ජෙයකුමාර් වෙත මරණීය දණ්ඩනය නියමවුණා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here