Home Hit සජිත් දිනවන්න එක්සත් ජාතික පක්ෂය වැඩ අරඹයි.

සජිත් දිනවන්න එක්සත් ජාතික පක්ෂය වැඩ අරඹයි.

397

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන 07 වැනිදා සිදුකිරීමට නියමිතයි.

ඇප මුදල් තැන්පත් කිරීමෙන් පසුව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පුළුල් ලෙස ආරම්භ කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෙක් කියා සිටියේ.

එළඹෙන 03 වැනිදා තම පක්ෂ සම්මේලනය කැඳවන අතර 07 වැනිදා නාමයෝජනා භාර දීම සහ 08 වැනිදා දළදා මාලිගාව වැද නමස්කාර කර ඉන්පසුව මහානායක ස්වාමීන්වහන්සේලාත් බැහැ දැක ආශීර්වාද ලබා ගෙන, 10 වැනිදා ගෝල්ෆේස් පිටියේ පළවෙනි මහජන රැළිය පවත්වා තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා සියලුම දෙන එකමුතුව සහයෝගයෙන් ක්‍රියාකරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here