Home Local අබාධිත රණවිරුවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

අබාධිත රණවිරුවන්ට සජිත්ගෙන් පොරොන්දුවක්

446

අබාධිත රණවිරුවන්ගේ ගැටළුව හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (30) උදෑසන අබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් පළ කරනු ලැබුවා.

රට දැය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් තමා ලොකු වැඩක් සිදුකරන පුද්ගලයෙක් බවත් පැවසු අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් නිවාස හා ගෙවල් හදා ගැනීමට ණය ලබා දී ඇති බවත් කියා සිටියා.

රණවිරු ප්‍රජාවට ලබා දිය යුතු උපරිම සහය ලබාදෙන පුද්ගලයෙක් ලෙස ඔවුන්ගේ මෙම ගැටළුවලට පිළිතුරක් රැගෙන නැවත වතාවක් පැමිණෙන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here