Home Local අගමැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට

අගමැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට

234

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (28) දින උදෑසන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වී සිටියා.

සෑම වසරකම පොත් ප්‍රදර්ශනයට සහභාගිවීම ඔහුගේ සිරිතකි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ නිලධාරීන් විසින් සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රය ඉදිරියේදී අග්‍රාමාත්‍යතුමන් පිළිගත් අතර, සුපුරුදු පරිදි අග්‍රාමාත්‍යවරයා ශාලාවෙන් ශාලාවට යමින් පත පොත විමසා බලනු දක්නට ලැබුනා.

කර්තෘවරුන්, ප්‍රකාශකයින් හා ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි රසික රසිකාවන් සමග අදහස් හුවමාරු කර ගත් ඔහු සිය පුස්තකාලය සඳහා ද පොත් ගණනාවක් ලබා ගත්තා.

ප්‍රදර්ශනයට පැමිණෙන කිවි කිවිදියන් වෙනුවෙන් වෙන් කෙරුණු “කැටපත් පවුර” කූඩාරම වෙත ගිය අග්‍රාමාත්‍යවරයා නිර්මාණකරණයෙහි යෙදී සිටියවුන් සමග සාකච්ඡා කරනු ලැබුවා.

අනතුරුව කවි සල්පිල වෙත ගොස් වත්මන් කවීන් සමඟ ඔවුන් මුහුණදෙන අභියෝගයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්තා.

යළිත් කවිය පිළිබඳව සමාජය තුළ පිබිඳීමක් ඇති වෙමින් තිබෙන බව එහි සිටි කවින් එහිදී පෙන්වාදුන් අතර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කවිය ප්‍රචලිතවීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු විමසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here