Home Hit ඉන්ධන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකියි

ඉන්ධන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකියි

410

ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් ඉලක්ක කර පසුගියදා එල්ල වූ ගුවන් ප‍්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වූ සෞදියේ සල්මාන් කුමරු අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ඉරානයේ අත්තනෝමතික කි‍්‍රයා වැළැක්වීමට ගෝලීය ප‍්‍රජාව පියවර නොගත හොත් සෞදිය සහ ඉරානය අතර හටගන්නා යුද්ධයෙන් ගෝලීය ආර්ථිකය විනාශ වනු ඇති බවටත් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ගණන් අනපේක්ෂිත අගයන්ගෙන් ඉහළ යා හැකි බවටත් ප්‍රකාශ කල ඔහු මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ ඇතැම් වගකීම් සෞදි නායකයෙකු ලෙස තමන් භාරගන්නා නමුත් ජමාල් කෂෝගි ඝාතනය කිරීම සඳහා පුද්ගලිකව අණ ලබාදුන් බවට තමන් හට එල්ල වන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අවධාරණය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here