Home Hit ගෝඨාභය රාජපක්ෂගේ හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග

ගෝඨාභය රාජපක්ෂගේ හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග

332

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් ගාමිණි වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඔක්තෝබර් මස 2 වන දින සිට සලකා බැලීමට අභියාචනාධිකරණය අද නියම කරන ලදී.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here