Home Hit යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අවසන්

යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය අවසන්

284

දින 20 ක් පුරා ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කරනු ලැබුවා. ඔවුන් මෙලෙස සත්‍යග්‍රහයේ කොටුව දුම්රියපළ ඉදිරිපිට නිරත වූ ඔවුන් පසුව එම ස්ථානයේම උපවාසයක් ද ආරම්භ කළා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත සඳහන් කල ආකාරයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (30) විරෝධතාව පැවති ස්ථානයට පැමිණ ඔවුන්ගේ ඉල්ලීම් ගැන සාකච්ඡා කළ බවයි.

එහිදී ඔවුන් ලබා දුන් පොරොන්දු සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතාවය අවසන් කිරීමට තීරණය කල බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here