Home Hit පිළිකාකාරක අඩංගු වියළි මිරිස් මෙට්‍රික්ටොන් 200ක් වෙළඳපොළට – රේගුව

පිළිකාකාරක අඩංගු වියළි මිරිස් මෙට්‍රික්ටොන් 200ක් වෙළඳපොළට – රේගුව

627

පිළිකාකාරක අඩංගු වියළි මිරිස් මෙට්‍රික් ටොන් 200කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් වී ඇතැයි රේගු ආරංචි මාර්ග වලින් අනාවරණය වනවා.

ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන මෙම මිරිස් තොගයේ සාම්පල් රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර වාර්තාවක් ලැබෙන තුරු මිරිස් තොගය වෙළඳපොළට නිකුත් නොකර ගුදම් වලම ගබඩා කර තබන ලෙස ඒවා ආනයනය කළ වෙළඳ සමාගම් වලට රේගුව නියෝග කර තිබියදීත් ඔවුන් එම මිරිස් තොගය වෙළඳපොළට නිකුත්කර ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

රුපියල් කෝටි 09කට අධික වටිනාකමින් යුත් මෙම වියළි මිරිස් තොගය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කෙරෙන පිටකොටුවේ වෙළඳ සමාගම් ඇතුළු සමාගම් 17ක් මඟින් මෙරටට ගෙන්වා ඇති අතර මෙම සමාගම් අතර ප්‍රධාන පෙළේ කුළුබඩු නිෂ්පාදන සමාගමක් ද වන බවත් රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

මෙම මිරිස් තොගයෙන් ලබාගත් සාම්පල මොරටුව ප්‍රදේශයේ ප්‍රධානතම රසායනාගාරයකට යොමු කළ බවත් මෙම මිරිස් වල ඇෆ්ලටොක්සිස් නමැති පිළිකාකරකය අඩංගු බවත් අනාවරණය වී ඇතැයි රේගුව කියයි.

රේගු නියෝගය නොතකා පිළිකාකාරක අඩංගු මිරිස් මෙට්‍රික්ටොන් 200කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව රේගුව එම වෙළඳ සමාගම් වලින් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නීතිමය පියවර ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රේගු අවදානම් කළමනාකරණ ඒකකය මඟින් සිදුකෙරේ.

මහින්ද නිශ්ශංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here