Home Hit ශ්‍රීලනිපයේ අවසන් තීරණය ඔක්තෝබර් 5

ශ්‍රීලනිපයේ අවසන් තීරණය ඔක්තෝබර් 5

428

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවන්නේ කුමන පාර්ශවයටද යන්න තීරණය කිරීම ලබන මස හය වනදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

අද රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

පොහොට්ටුවේ ලකුණ වෙනස් කල පොදු ලකුණක් සදහා එකඟ වීමට එළඹෙන පස් වනදා දක්වා එම පක්ෂය වෙත අවස්ථාව ලබාදීමටත් පස් වනදා ඔවුන්ගේ තීරණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් එහිදි එකඟත්වය ඇතිවී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම කරුණ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ජා කර ඇතැයිද අනාවරණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here