Home Hit ”එ.ජා.සංවිධානය ශ්‍රී ලංකා සාම සාධක බළකාය තහනම් කළ කතාව බොරුවක්‌” – යුද...

”එ.ජා.සංවිධානය ශ්‍රී ලංකා සාම සාධක බළකාය තහනම් කළ කතාව බොරුවක්‌” – යුද හමුදාපති

332

ශ්‍රී ලංකා සාම සාධක බළකාය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති බවට පැතිර යන ප්‍රචාරය අමූලික බොරුවක්‌ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඊයේ (27) පවසා සිටියා.

‘සාම සාධක භටයන් විදේශගත කිරීමේ නිෂ්කාශන ප්‍රමාදයක්‌ සිදුවී තිබෙනවා. වසරකට අධික කාලයක්‌ තිස්‌සේ අපේ භටයන් යෑවීමට නොහැකිවුණා” යයි හෙතෙම කියා සිටියා.

”එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා සාම සාධක භටයන්ට තහනමක්‌ පැනවීම නිසා භටයන් 651 දෙනකු ආපසු මෙරටට එවීමට තීරණය වී ඇති බවත් බටහිර මාධ්‍ය විසින් ප්‍රචාරයක්‌ යවා තිබෙනවා. මා මේ තහනම ගැන මෙරට එක්‌සත් ජාතීන්ගේ නියෝජිතවරියගෙන් විමසුවා. එවැනි තහනමක්‌ පනවා නැතැයි ඇය තහවුරු කළා” යයි හමුදාපතිවරයා තවදුරටත් කීවේය.

ශ්‍රී ලංකා සාම සාධක භටයෝ දැනට සුඩානය, මාලි සහ ලෙබනනය යන රටවල සේවය කරනු ලබනවා.

ශ්‍රී ලංකාවෙන් සාම සාධක භටයන් ලබාගැනීම නතර කරන ලෙස හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා එක්‌සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ඉල්ලා තිබුණා.

කීර්ති වර්ණකුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here