Home Hit මහින්ද, ගෝඨා, බැසිල් සහ ජනපති අතර හමුවක්

මහින්ද, ගෝඨා, බැසිල් සහ ජනපති අතර හමුවක්

333

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අද (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු අතර එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ දී බලාපොරොත්තු වනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එහිදී විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන “ලකුණ” සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැය 02කට ආසන්න කාලයක් පවත්වා ඇතැයි ද වාර්තා වනවා.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද දිනයේ පැවැත වීමට නියමිත මෙම සාකච්ඡාව බෙහෙවින් තීරණාත්මක වනු ඇති ද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here