Home Hit ගෝඨාභයට සහය දීම සම්බන්ධව නිදහස් පක්ෂයේ තීරණය සඳුදා

ගෝඨාභයට සහය දීම සම්බන්ධව නිදහස් පක්ෂයේ තීරණය සඳුදා

358

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව සන්ධානය ගොඩනැගීම පිළිබඳව අවසන් සාකච්ඡාව සිදු කළේය.

මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අතර කටයුතු කළ යුතු ආකාරය දීර්ඝව සාකච්ඡා කර ඇති බවට වාර්තා වේ.

එමෙන්ම එළැඹෙන මහ මැතිවරණයට සියලු පාර්ශ්ව එක්ව තරගකරන නව සන්ධානය ජනාධිපතිවරණයට පෙර ගොඩනැගීමටත්, එහි ලකුණ ප්‍රකාශයට පත්කිරීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් යෝජනා වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් මේ පිළිබඳව එළැඹෙන සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට යෝජනා කර එහි එකඟත්වය මත
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණයක් ගෙන එය ලබන සඳුදා වන විට දැනුම් දෙන බව අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here