Home Hit නව වාර්තාවක් ශ්‍රී ලංකාව අනතුරුදායක මාවතකට යන බවට අනතුරු අඟවයි

නව වාර්තාවක් ශ්‍රී ලංකාව අනතුරුදායක මාවතකට යන බවට අනතුරු අඟවයි

662

පාස්කු ඉරිදා විනාශකාරී ත්‍රස්ත බෝම්බ පිපිරීමෙන් මාස 05කට පසු නිකුත් කරන ලද නව වාර්තාවක්, ශ්‍රී ලංකාව භයානක මාවතක ගමන් කරමින් සිටින බවට අනතුරු අඟවනවා.

ජාත්‍යන්තර අර්බුද සමූහයේ එම වාර්තාව පවසන්නේ ශ්‍රී ලංකාවේ තත්වය වඩාත් භයානක වී ඇත්තේ අප්‍රේල් ප්‍රහාරයෙන් පසුව බවයි.

ශ්‍රී ලංකාවේ සාමකාමී මුස්ලිම් ජනගහනය දැන් සැලකිය යුතු පසුබෑමකට මුහුණ දී සිටින බව ද එහි සඳහන් වනවා.

වාර්තාවෙන් කියැවෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදීන් ප්‍රචණ්ඩත්වය හා වෛරය පිළිබඳ උද්ඝෝෂණ දියත් කර ඇති අතර දුර්වල හා බෙදීගිය දේශපාලන නායකත්වය ඊට වඩා නරක ලෙස පෙනී සිට ඇති බවයි.
 
විදේශ හවුල්කරුවන්ගේ අනතුරු ඇඟවීම් නොතකා, ප්‍රහාරයන් වලක්වා ගැනීමට අපොහොසත් වූ අක්‍රීය පොලිස් හා බුද්ධි අංශ ප්‍රතිසංස්කරණය කිරීමට රජය තුළ දේශපාලන බෙදීම් බාධා කර ඇති බවත් එහි සඳහන්.

රට ගැටුම් වලට ගෙන යනවා වෙනුවට, ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු කළ යුත්තේ බිඳුණු ආරක්ෂක තත්වය අළුත්වැඩියා කිරීම සඳහා බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ පාස්කු ප්‍රහාරය ශ්‍රී ලංකා රජයේ දැවැන්ත ආරක්ෂක අසාර්ථකත්වයක් නියෝජනය කරන බවයි.

බෝම්බ ප්‍රහාර දියත් කිරීමට සති කිහිපයකට පෙර එවැනි ප්‍රහාරයක් එල්ල කරන බවට විදේශ බුද්ධි අංශ විසින් අනතුරු අඟවා තිබූ බවත් බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ කුඩා ජිහාඩ් කණ්ඩායම් සියල්ලම කල්තියා හඳුනාගෙන නොමැති නමුත් සහරන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය දැන සිටි බවත් එහි සඳහන්.

2017 දී මධ්‍යස්ථ සුෆි මුස්ලිම් පූජකවරයකුගේ අනුගාමිකයින්ට අමානුෂික ලෙස පහර දුන් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ දා සිට පොලීසියේ ත්‍රස්ත විරෝධී අංශය ඔහු ලුහුබඳිමින් සිටියා.

පාස්කු බෝම්බ පිපිරීම් පිටුපස සිටින කුඩා කණ්ඩායමේ සාමාජිකයන් සියල්ලන්ම මියගොස් හෝ අත්අඩංගුවට ගත් බවක් පෙනෙන්නට තිබුණත්, කෙටිකාලීනව තවදුරටත් ජිහාඩි ප්‍රහාර එල්ලවේ යැයි මහජන බිය පහව ගොස් නොමැති බව එම වාර්තාව පවසනවා.

colombo gazette

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here