Home Hit TNA එක ආණ්ඩුවට සහයෝගය දෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විසදගන්නවා-මහින්ද

TNA එක ආණ්ඩුවට සහයෝගය දෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විසදගන්නවා-මහින්ද

361

අවුරුදු 30 ක් පැවති යුද්දය අවසන් කර උතුරේ ජනතාවට දකුණට ඒමටත්, දකුණේ ජනතාවට උතුරට යෑමටත් සාමය උදා කර දීමට උතුරු ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සෑම විටම කටයුතු කළේ අප රජය බව ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා ඒ බව පැවසූවේ අද(27) පෙරවරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් තල් රා නිශ්පාදකයින් හමු වූ අවස්ථාවේදීය.  

මෙම හමුව ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

“දකුණට පොල් ගස මෙන්ම උතුරුට තල් ගස වටිනවා. අවුරුදු 30 ක යුද්දය අවසන් කළ පසු උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අපේ රජය නොයෙකුත් ව්‍යාපෘතීන් එම ප්‍රදේශවල ආරම්භ කළා. 

තල් රා කර්මාන්තයටත් නව තාක්‍ෂණය හඳුන්වා දී නිශ්පාදන ඉහළ නැංවීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී පත්වන අපගේ රජයක් තුළින් කටයුතු කරනවා. 

මනිපායි ප්‍රදේශයේ පිහිටුවා ඇති තල් අරක්කු නිශ්පාදනාගාරයද වැඩිදියුණු කළ යුතුයි. තල් රා නිශ්පාදකයින්ගේ ජීවන මට්ටම උසස් කළ යුතුයි. ඒ සඳහා කටයුතු කිරීමට අප සූදානම්. 

මෙම නිශ්පාදන විදේශ රටවලටද අපනයනය කර විදේශ විනිමය උපයාගත හැකි මට්ටමට උසස් කළ යුතුයි. අපේ ආණ්ඩුව කාලේ සහන දුන්නා. තල් රා නිශ්පාදකයන්ගෙන් ඒ කාලයේ අය කළේ රුපියල් 10ක බදු මුදලක්. 

දැන් රුපියල් 50ක් අයකරනවා. තල් රා නිශ්පාදනයේ යෙදෙන්නන් ආරක්‍ෂා කළ යුතුයි. ඒ සඳහා මෙම තත්වය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා මෙම කර්මාන්තය වැඩිදියුණු කර එයින් යැපෙන්නන්ගේ ජීවන තත්වය උසස් කිරීමට අපි කටයුතු කරනවා.

උතුරු ප්‍රදේශයේ පාරවල්, දුම්රිය මාර්ගය, පානීය ජලය, විදුලිය වැනි යටිතල පහසුකම් සංවර්ධනයට අපි කටයුතු කළා. ලංකාවේ හොදම රෝහල යාපනයට ලබා දුන්නා. 

පාසල් දරුවන් සඳහා මහින්දෝදය විද්‍යාලය ඇති කළා. මෙම රජයට දැන් තමයි එම ප්‍රදේශවල ජනතාව ගැන මතක්වෙලා තියෙන්නේ. අපේ ආන්ඩුව පමණයි එම ප්‍රදේශවල ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට කටයුතු කළේ. 

මෙම රජයට ඒ සඳහා උවමනාවක් නැහැ. TNA එක ආණ්ඩුවට සහයෝගය ලබාදෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විසදගන්නවා. ජනතාවගේ ප්‍රශ්න ගැන බැලුවේ නැහැ යැයිද ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

අද දෙරණ වෙබ් අඩවිය ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here