Home Hit ඇල්පිටියේ තැපැල් ඡන්දය සාමකාමියි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

ඇල්පිටියේ තැපැල් ඡන්දය සාමකාමියි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

429

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද (27) මධ්‍යස්ථාන 265කදි පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් පවසනවා.

තැපැල් ඡන්ද ඉල්ලුම් පත් 1542ක් ලැබි තිබු අතර පිළිගත් ඉල්ලුම්පත් සංඛ්‍යාව 1192ක් බව ඔහු කියා සිටියා.

සහතික කිරිමේ නිලධාරින් ඉදිරියේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද සිදුකරන අතර එම මධ්‍යස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියා.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් බරපතල මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරිම් කිසිවක් වාර්තා වී නැති බවත් ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කර සිටියා.

ෆර්හාන් නිසාම්දින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here