Home Sports ඉතාලිය සහ එංගලන්ත කණ්ඩායම් ඊයේ තරඟවලින් ජය ලබයි

ඉතාලිය සහ එංගලන්ත කණ්ඩායම් ඊයේ තරඟවලින් ජය ලබයි

234

රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක් ඊයේ (26) දිනයේදීත් පැවැත්වුණි.

ඉන් ජය ලැබීමට ඉතාලිය සහ එංගලන්ත කණ්ඩායම් සමත් වුනි.

ලෝක කුසලාන රග්බි තරගාවලියේ 11වන තරගය ලෙස ඉතාලිය සහ කැනඩාව B කාණ්ඩය යටතේ ඊයේ දිනයේදී ෆුකුඔකා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණි.එහිදී ලකුණු 48ට 7ක් ලෙස තරගයේ ජය වාර්තා කිරීමට ඉතාලිය සමත් වුණි.

මේ අතර ලෝක කුසලාන රග්බි තරගාවලියේ 12වන තරගය ඊයේ පැවැත්වුණේ C කාණ්ඩය යටතේ තරග වදින එංගලන්තය සහ අමෙරිකා එක්සත් ජනපදය අතරයි. එම තරඟයේදී ලකුණු 45 ට 7ක් ලෙස ජය හිමි කර ගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here