Home Hit ගුරු – සරසවි – පරිපාලන සේවා වර්ජන අද දිනයේත් ක්‍රියාත්මකයි

ගුරු – සරසවි – පරිපාලන සේවා වර්ජන අද දිනයේත් ක්‍රියාත්මකයි

250

වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුලූ ඉල්ලීම් 06ක් මුල් කරගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මකයි.

එමෙන්ම විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනය 18 වන දිනටත් අද ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් පවසනවා.

පරිපාලන සේවා නිලධාරීන් ආරම්භ කළ සීමිත වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ද අද දිනයේ ක්‍රියාත්මක කෙරෙන අතර, තම ගැටළුවට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සඳුඳා සිට රාජකාරීවලින් ඉවත්ව වර්ජනයේ නිරත වන බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර, වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා කොටුව දුම්රියපල ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත ආබාධිත රණවිරුවෙකු ඊයේ (26) දහවල් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

එමෙන්ම, වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා අබාධිත රණවිරුවන් සිදුකරන සත්‍යග්‍රහයට තවත් අබාධිත රණවිරු බිරින්දෑවරුන් පිරිසක් ද ඊයේ එක්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here