Home Hit ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද අසනීප නිවාඩු

218

ගුරු, විදුහල්පති වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂෆ් ස්ටාර්ලිං සඳහන් කළේ, මේ දිනවල සිදු කෙරෙන උසස් පෙළ විභාග ඇගයීම් කටයුතුවලින් අද සහ හෙට ඉවත් වන බවයි.

ඔවුන් විභාග ඇගයීම් කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් බී පූජිතගෙන් කරන ලද විමසීමකදී ඔහු සඳහන් කළේ, ඇගයීම් කටයුතුවලින් ඉවත් වන බවට මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවයි.

ඒ හේතුවෙන් සාමාන්‍ය පරිදි ඇගයීම් කටයුතු සිදු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here