Home Local ගාල්තැන්න දේවාලයේ ලක්ෂ ගණනක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

ගාල්තැන්න දේවාලයේ ලක්ෂ ගණනක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

298

මහනුවර, ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ කාලි අම්මාන් දේවාළයකට ඊයේ (25) අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි දේවගැතිවරයා හා සහායකයයන්ගේ දෑත් බැඳ මුදල් හා රන් අභරණ කොල්ලකා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මංකොල්ලය සදහා තියුණු ආයුධ සහිතව 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බව සදහන් වන අතර සිද්ධිය ඊයේ අලුයම 3.45ට පමණ සිදුව තිබෙනවා.

දේශපාලන බලවතුන් හා මෙරට ප්‍රභු පිරිස් සමඟ සමීප සම්බන්ධතා පවත්වනු ලබන ප්‍රධාන දේවගැතිවරයා සතුව රත්රන් කිලෝ අති විශාල ප්‍රමාණයක් තිබූ බවයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

මෙම කාලි අම්මාන් දේවාළයට දෛනිකව අති විශාල පිරිසක් පැමිණ රන් හා මුදල් පරිත්‍යාග කිරීම නිසා කලක් මෙම ස්ථානයට දේශපාලන අනුග්‍රහය මත පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණා.

ගාමිණි ආනන්ද නම් මෙම දේවගැතිවරයා ගමන් බිමන් යන අවස්ථා වලදී ද කිලෝ ගානක් බරැති රන් මාල වළලු හා ආභරණ පැළඳ යන අතර ඒ සම්බන්ධව විමසිල්ලෙන් සිටි පිරිසක් මෙම කොල්ලය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here