Home Hit ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප යළි ඉහළට – PHOTOS

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප යළි ඉහළට – PHOTOS

493

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරෙනු ඇති.

පසුගිය (24) වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවුණා.

උදාහරණ ලෙස මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වනු ඇත.

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද වැඩි වේ.

මෙම සියලු වැඩි කිරීම් සිදුකර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩි කර තිබීමට අමතරවයි.

අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020 ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here