Home Local එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරණායක 60වැනි ගුණානුස්මරණය අද

එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරණායක 60වැනි ගුණානුස්මරණය අද

274

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරණායකගේ 60වැනි ගුණානුස්මරණ උත්සවය අද (26) හොරගොල්ල බණ්ඩාරණායක සමාධිය අභියසදී පැවැත්වුණා.

1899 ජනවාරි 08 වැනිදා උපත ලද එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරණායක හිටපු අග්‍රාමාත්‍යවරයා කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලැබුවා. ඉන් අනතුරුව දිවයිනට පැමිණි ඔහු සිංහල මහා සභාව පිහිට වූ අතර, පසුව එක්සත් ජාතික පක්ෂයට එක්ව 1946 පැවති පළමු මහ මැතිවරණයට තරග කරමින් අත්තනගල්ල ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඉන් අනතුරුව 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබුවා.

1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩභාරගත් ඔහු මෙරට ජනසතු ව්‍යාපාරය ඇතුළු ජනතාවාදී වැඩසටහන් රැසක නිර්මාතෘවරයා ලෙසයි සැලකෙන්නේ. 1959 සැප්තැම්බර් මස 26 වැනි දින උදෑසන කොළඹ – රොස්මිඞ් පෙදෙසේ සිය නිවසේදී චීවර ධාරියෙකුගේ වෙඩි පහරට ලක්ව මියයන විට 60 වන වියේ පසුවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here