Home Hit ජනපතිගේ උපදෙස් මත යෝෂිත යළි නාවික හමුදා සේවයට

ජනපතිගේ උපදෙස් මත යෝෂිත යළි නාවික හමුදා සේවයට

394

වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ යලි නාවික හමුදා සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වනවා.

ජනාධිපතිවරයාගෙන් ලද අනුමැතියට අනුව 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වනදා සිට ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවිමට අදාල නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ඊයේ (24) අත්සන් තබා ඇති බව සඳහන්.

කාර්ල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයකට අදාලව නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ පෙබරවාරි මස 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ තහනමකට ලක්කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here