Home Hit ”රාජ්‍ය සේවයේ වැටුප් මිල රුපියල් කෝටි 80,000ක් – තවත් වැටුප් වැඩිකරන්න බෑ”...

”රාජ්‍ය සේවයේ වැටුප් මිල රුපියල් කෝටි 80,000ක් – තවත් වැටුප් වැඩිකරන්න බෑ” – ඇමති මංගල

309

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 11,500 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහොතේ එය කළ නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර ඊයේ (24) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ උදේ පැවැති කැබිනට් රැස්වීමේදී මුදල් ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන ක්ෂ්‍රේත්‍ර ගණනාවක නිලධාරීන් මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු වී ඇති අතර පරිපාලන සේවය ඇතුළු විධායක ශ්‍රේණි 12ක නිලධාරීන්ට රුපියල් 15,000 සිට 50,000 දක්වා අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා.

ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ලබා ගැනීමට එය මුදල් අමාත්‍යාංශයට යොමු කර තිබෙනවා.

මේ අතර දුම්රිය සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ද මීට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා.

සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කර ඇති මංගල සමරවීර අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ වැටුප් මිල රුපියල් කෝටි 80,000ක් පමණ වන බවත් එසේ තිබියදී තවත් එය වැඩි කළ නොහැකි බවත් පවසා ඇතැයි සඳහන්.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත්කළ එස් රනුග්ගේ කමිටු වාර්තාව අනුව ලබන ජනවාරි 01 වැනිදා සිට වැටුප් විෂමතා ඉවත් කරන බවද මුදල් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අජන්ත කුමාර අගලකඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here