Home Local පුහුණු ව්‍යාපෘති සහායක තනතුරට බඳවා ගැනීම් නවතයි

පුහුණු ව්‍යාපෘති සහායක තනතුරට බඳවා ගැනීම් නවතයි

335

ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දී තිබූ පුහුණු ව්‍යාපෘති සහයක තනතුරු 7500කට පුද්ගලයින් බඳවා ගැනීම මැතිවරණ කොමිසමේ නියෝගයකින් ඊයේ (24) සිට නතර කෙරුණා.

රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර මෙම පුහුණු ව්‍යාපෘති සහයකවරුන් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට අමාත්‍යාංශ ලේකම් වී සිවඥානසෝතිගේ අත්සනින් යුතුව ඉකුත් 16 වනදා පත්වීම් ලිපි නිකුත් කර තිබෙනවා.

එම පත්වීම් ලාභීන් ඊයේ සිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට ගොස් රාජකාරී භාර ගැනීමට සුදානම් වූ අවස්ථාවේ මැතිවරණ කොමිසම නියෝග කර ඇත්තේ ඔවුන් රාජකාරියට බඳවා නොගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here