Home fact check “නාමල් ලිමිනිට දුන් දියමන්තිය” බොරුවක්

“නාමල් ලිමිනිට දුන් දියමන්තිය” බොරුවක්

449

2019 වසරේ ශ්‍රී ලංකා වැසියන් බොහෝමයකගේ කතා බහට ලක් වූ විවාහ මංගල්‍යය ලෙස හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ලිමිනි වීරසිංහ අතර සැප්තැම්බර් 12 වනදා සිදු වූ විවාහ මංගල්‍යය අපට පෙන්වා දිය හැක.

එම විවාහ මංගල උත්සවය අවසන් වනවාත් සමඟම විවාහය හා සම්බන්ධ විවිධ සටහන් හා ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු වන බව අපට දැක ගන්නට ලැබිණි.

ඒ අතර කාගේත් අවධානය දින ගත් විශේෂ ඡායාරූප සටහනක් වුයේ ලොව මිල අධිකම අභරණ වලින් එකක් වන ”බලාපොරොත්තුවේ දියමන්තිය” සහිත පෙන්ඩනයක් නාමල් රාජපක්ෂ මහතා විසින් තම බිරිඳට ත්‍යාග ලෙස ලබා දුන් බවයි.

කොළ බලකාය නම් ෆේස් බුක් පිටුව මඟින් මෙම ඡායාරූපය “මිලියන 50,000ක් වටිනා දියමන්තියක් තම බිරිඳට ත්‍යාග කල බව පවසමින් මෙවැනි පවුලකට බලය ලබා දිය යුතුද යන්න ප්‍රශ්න කරයි. එය සමාජ ජාල වල හුවමාරු වන බව දකින්නට ලැබුණි.

නමුත් මෙම හුවමාරු වන ඡායාරූපය හොදින් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලිව පෙනී යන දෙයක් වන්නේ එය සංස්කරණය කරන ලද්දක් බවයි එය අන්තර්ජාල පරිශීලකයන් විසින්ම මෙම ඡායාරූපය පළකිරීමෙන් පසු බොහෝ සටහන් වල පෙන්වා දී ඇත.

මෙම කරුණු නිරීක්ෂණය කිරීමෙන් පසුව පෙනී යන්නේ අන්තර්ජාලයෙන්ම සොයා ගන්න ලද ඡායාරූප යොදා ගනිමින් සංස්කරණය කරන ලද “නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කරයි” ලෙස සටහනක් තබමින් ඉහත ඡායාරූපයේ කිසිඳු සත්‍යක් නොමැති බවය. මෙය බොහෝදුරට උපහාසාත්මක හා දේශපාලන මතයක් ප්‍රකාශ කිරීමේ කෝණයකින් සිදුකරන ලද්දක් බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here