Home Politics ”රැකියා දෙන එක වැරැද්දක් නම් ඒ වරද පිළිගන්නවා” අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

”රැකියා දෙන එක වැරැද්දක් නම් ඒ වරද පිළිගන්නවා” අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

275

එක්සත් ජාතික පාක්ෂිකයන්ට රැකියා ලබාදීම වැරැද්දක් නම් තමා එය පිළිගන්නා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (24) රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට නීතියට පටහැනිව සේවකයින් බඳවාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළ විමර්ශනයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගිය ආණ්ඩු සමයේද මෙවැනි පත්වීම් ලබාදී ඇති බවයි.

ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කර ඇත්තේ ඇමතිවරුන් වැරදි පූර්වාදර්ශ සිදුනොකර නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here