Home Hit ෆිජී සමඟ උරුගුවේ කණ්ඩායම් අද තරඟ බිමේ

ෆිජී සමඟ උරුගුවේ කණ්ඩායම් අද තරඟ බිමේ

256

රග්බි ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩයේ ෆිජී කණ්ඩායම සහ උරුගුවේ කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වීමට නියමිතයි.

මේ අතර ඊයේ (24) රුසියාව සහ සැමෝවා කණ්ඩායම් අතර පැවැති තරගය ජය ගැනීමට සැමෝවා කණ්ඩායම සමත් විය.

පළමු අර්ධයේ ලකුණු 6 – 5ක් ලෙස පෙරමුණ ගැනීමට රුසියානු කණ්ඩායම සමත් වුවත් දෙවන අර්ධයේ ආක්‍රමණ කාරී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් උරුගුවේ කණ්ඩායම තම කණ්ඩායමට ලකුණු 29ක් එක් කර ගනිද්දී, රුසියානු කණ්ඩායමට හැකි වුයේ ලකුණු 3ක් ලබා ගැනීමට පමණයි.
ඒ අනුව තරඟය ලකුණු 34ට 9ක් ලෙස ජය ගත් සැමෝවා කණ්ඩායම ප්‍රසාද ලකුණු 5ක් හිමි කරගනිමින් A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය.

හෙට (26) ඉතාලිය සහ කැනඩාව අතරත් එංගලන්තය හා ඇමරිකා එක්සත් ජනපදය අතරත් තරඟ පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here