Home Hit ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක බුදු පිළිම 02කට හානි – PHOTOS

ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක බුදු පිළිම 02කට හානි – PHOTOS

565

ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමට අයත් අභයපුර, අභයාරාමයේ බුදු කුටි දෙකක බුද්ධ ප්‍රතිමා වහස්සේලාට හානි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) දහවල් පොලිසිය පරික්ෂණයක් ආරම්භකර තිබෙනවා.

විහාරාධිපති පූජ්‍ය මානින්ගමුවේ විමලජෝති තිස්ස හිමියන් පවසන්නේ විහාරස්ථානයේ චෛත්‍ය වටා සතර දෙසින් පිහිටි බුදු කුටි හතරෙන් දෙකක පිළිම වහන්සේලාට හානිකර ඇති බවයි.

තමන් වහන්සේ අද (25) දහවල් දානයකට පිටතට වැඩි අවස්ථාවේ මෙම සිද්ධිය වි ඇති බවත් දායක සභාවේ අයෙකු මේ බව තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් පසු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුවත් කල බවත් උන්වහන්සේ සඳහන් කර සිටියා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වු උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයන් ප්‍රසන්න ඇතුලු පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව එක් බුද්ධ ප්‍රතිමාවක සිරස කඩා දමා ඇති අතර අනෙක් ප්‍රතිමාව කුටියෙන් එලියට ඇද දමා සිරසට හානිකර තිබෙනවා.

මෙම සිද්ධිය කිසිවෙකුත් දැක නැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා උප්පුවේලි පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන්.

අමදෝරු අමරජීව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here