Home Hit පැය 03කට පෙර ගුවන් තොටුපළට පැමිණෙන්නැයි මගීන්ට දැනුම්දීමක්

පැය 03කට පෙර ගුවන් තොටුපළට පැමිණෙන්නැයි මගීන්ට දැනුම්දීමක්

218

කටුනායක ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (24) දින උදෑසන 8.30 න් අවසන් වූ පැය 24ක කාළය තුළ මිලි මීටර් 272.3 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව ගුවන් තොටුපළ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටියා.

නිරිතදිග මෝසමේ අවසන් කාලය මෙන්ම පහළ වායු ගෝලයේ කැළබිලි සහගත තත්වයක් නිසා මෙම අධික වැසි සහිත කාළගුණික තත්වය හටගෙන ඇති බවයි එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙම අධික වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය ද , කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ගුවන් ගමන් මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යනු ලබනවා.

එහෙත් මේ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශය ඔස්සේ ගලා බසිනා දඩුගම් ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශය පුරා සුළු ගංවතුර තත්වයක් ඇති වී ඇතැයි ද සඳහන්.

මේ නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත්වීම සදහා පැමිණෙන ගුවන් මගීන් තම ගුවන් යානය පිටත්වීමට පැය 03කට පෙර ගුවන් තොටුපළ වෙත පැමිණීමට පියවර ගන්නා ලෙස ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ගුවන් මගීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

ටී.කේ.ජී.කපිල 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here